ආයුබෝවන්! Techie Community එකට ඔබව සාදරයෙන් පිළිගන්නා අතරම මේ Community එකෙන් උපරිම ප්‍රතිඵල ලබා ගැනීම වෙනුවෙන්, මේ Post එක ඉතාමත් අවධානයෙන් කියවා තේරුම් ගන්නා ලෙස ඉල්ලා සිටින්නෙමු.
එමෙන්ම, ඕනෑම දෙයක් විවෘතව සාකච්ඡා කිරීමට මෙම Community එක තුළ කිසිදු බාධාවක් නැතත්, මෙහි ගුණාත්මක බව හා පාලනය පවත්වාගෙන යෑම සඳහා නීති කිහිපයක් හඳුන්වාදීමට අප කටයුතු කර ඇති අතර, මෙම නීති වලට ගරු කිරීමෙන් ඔබගේ සහයෝගය ලබා දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටින්නෙමු.
ගැටළු ඉදිරිපත් කිරීම පිළිබඳව
ප්‍රශ්න/ගැටළු ඉදිරිපත් කරනවා නම්, හැකිතාක් එය විසඳීමට තමන්ගේ හැකියාව පමණින් උත්සාහ කර, ඒ උත්සාහයේ ප්‍රථිපල සමඟින් තමන්ගේ ගැටළුව පළ කිරීමෙන්, ඒ වෙනුවෙන් පිළිතුරු ලබාදෙන්නන් හට, ඔබට එම ගැටළුව විසඳා දීම වෙනුවෙන් වැය කරන කාලය අපතේ නොයන බව ඒත්තු ගැන්වෙන අතර Google Search එකක් හෝ නොකර අදාල කාරණය අසා දැනගන්නට පැමිණි බව දුටුවහොත් දැනුම ඇත්තන් පවා එයට Reply එකක් ලබා දීමට තම කාලය යොමු නොකරනු ඇත.
Link හෝ Video වැනි දේ share කිරීම පිළිබඳව
මේ වන විට YouTube content creator වරුන් විශාල ප්‍රමාණයක් බිහි වී ඇති අතර, ඒ පිළිබඳව අපි සතුටු වන්නෙමු. කෙසේ නමුත් Techie Community එක තුළ තමන්ගේ YouTube video promote කිරීම සඳහා Video එක පමණක් යොදා post create කිරීම සිදු නොකරන ලෙස ඉල්ලා සිටින්නෙමු.
යම්කිසිවෙකු හට එවැනි Video එකක් පළ කිරීමට අවශ්‍යය නම්, ඊට අදාල කරුණු සහිත පැහැදිළි විස්තරයක් සමඟින් අදාල ලිපිය පළ කළ යුතු වෙනවා.
එමෙන්ම Link share කිරීමේදී Ads පෙන්වන Adfly වැනි re-directing සේවාවන් භාවිතා නොකළ යුතු අතර අනවශ්‍යය ආකාරයට එකම Link එක නැවත නැවත පළ කිරීම (Spam) හෝ promotional links පළ කිරීම හරහා මේ community එක අවභාවිතා නොකර සිටින ලෙස ඉල්ලා සිටින්නෙමු.
විනය පවත්වාගෙන යාම පිළිබඳව
Community එක මත කටයුතු කිරීමේදී තමන්ගේ භාශා විලාසය ගැන සැළකිලිමත් විය යුතු අතර කිසියම් උදවුවක් හෝ ප්‍රශ්ණයක් ඉදිරිපත් කළ සාමාජිකයෙකු (අනවශ්‍යය ලෙස) අපහසුතාවයට පත් වන අයුරින් කටයුතු කිරීම ඔබේ සාමාජිකත්වය අහෝසි වීමට තරම් බරපතළ ලෙස සළකන බව මතකයේ තබාගත යුතු වෙනවා.
මේ උත්සාහය උගත්, බුද්ධිමත් තරුණ පිරිසක් බිහි කිරීමට නිසාවෙන්, යම් හෙයකින් එයට නොගැලපෙන ආකාරයේ හැසිරීමක් දුටුවහොත් වහාම එය report කිරීමට කටයුතු කරන මෙන් සෑම සාමාජිකයෙකුගෙන්ම කාරුණිකව ඉල්ලා සිටින අතර, යම්කිසි අවස්ථාවකදී වාදයක් ඇති වුවහොත් තමන්ගේ මතය පමණක් සඳහන් නොකර එය තහවුරු කිරීමට අදාල කරුණු ඉදිරිපත් කරන්නට කටයුතු කිරීමෙන් ඔබගේ තත්ත්වය රැකගැනීමට හැකි වෙනවා.
විශේෂයෙන්ම අප විසින් ඔබගේ නිදහසට බාධා වන ආකාරයේ විශාල නීති ප්‍රමාණයක් ඉදිරිපත් කිරීම අපගේ අදහස නොවන බැවින්, මෙම නීති කිහිපයට අනුකූලව කටයුතු කරන මෙන් ඉතාමත් කාරුණිකව ඉල්ලා සිටින්නෙමු.
ශ්‍රී ලංකාවේ නිතරම දකින්නට ලැබෙන, අපි එදිනෙදා මුහුණ දෙන harassing society එක, එහෙමත් නැතිනම් පීඩාකාරී සමාජය, එකිනෙකාට ගරු කරන, උදව් කරන caring society එකක් බවට පරිවර්ථනය කිරීම සඳහා අද දිනයේ සිට කටයුතු කරමු.
ගප්පියා කියනවා වගේ, "අපි වෙනස් වෙමු, ලෝකේ ඉබේටම වෙනස් වෙයි" 🙂
ස්තූතියි!
Team Techie.