මේ දවස් වල ගොඩ දෙනෙක් මේ Google I/O එකට register වෙන්න දඟලන අතරම, ගොඩ දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි මොකක්ද මේ Google I/O කියන්නේ? ඇයි මිනිස්සු මේකට යන්න මේ තරම් පොර කන්නේ කියන එක.
Google I/O
Google සමාගම විසින් හැම අවුරුද්දෙම එයාලා අලුතින් හොයාගත්ත/නිර්මාණය කරපු දේවල් ගැන වගේම ඉදිරියට එළිදක්වන්න බළාපොරොත්තු වෙන දේවල් ගැන වාර්ශිකව Event එකක් තියලා, තාක්ෂණය ගැන උන්නදු අයව දැනුවත් කරන්න කටයුතු කරනවා.
මෙහිදී විශේෂයෙන්ම Android මෙහෙයුම් පද්ධතියට අලුතින් එකතු වෙන දේවල් ගැන Google සමාගම කටයුතු කරන එක අනිවාර්යය අංගයක් වෙලා තියෙනවා.
ගිය අවුරුද්දේ Google I/O එකේ එළිදක්වපු දේවල් ගැන තියෙන මේ ලිපිය බැලුවොතින් ඔයාලට අදහසක් ගන්න පුලුවන් වෙයි මේකෙදි මොන වගේ දේවල් ගැනද කතා කරන්නේ කියන එක.
2008 වර්ෂයේ ඉඳලා පටන්ගත්ත මේ event එක, මේ වෙනකන් හැම අවුරුද්දකම මැයි මාසයත් - ජුනි මාසයත් අතර දිනයකදී පවත්වනවා.
Google I/O Extended
මේ ප්‍රධාන Google I/O event එකට ලෝකය පුරා ඉන්න තාක්ෂණය පිළිබඳ උනන්දුවක් දක්වන අය ආවත්, මේක ඇමරිකාවේ තියන event එකක් නිසා අපි වගේ අයට යන්න ටිකක් අමාරුයි.
අන්න ඒ නිසා මේ ප්‍රධාන Google I/O event එක තියන දවසෙම, අනිත් රටවල් වලත් Google I/O Extended කියලා තවත් event පවත්වන්න කටයුතු කරනවා. අන්න ඒ වගේ එවායින් දෙකක් තමයි ඔය අපේ රටේ Mobitel එකෙනුයි, Dialog එකෙනුයි පවත්වන්නේ.
සාමාන්‍යයෙන් ප්‍රධාන Google I/O එකේ Keynote එක තියෙන්නේ අපේ වෙලාවෙන් පාන්දර 3ට - 4ට වගේ. ඉතින් කලින් දවසේ රෑ පටන් ගන්න මේ event එක පහුවෙනිදා උදේ වෙනකම් පවත්වන අතර, ඒ අතරතුර කාලයේදී ලංකාවේ තාක්ෂණික සමාගම් වලින් වගේම දැනුම තියන ගොඩක් අය ඇවිල්ලා එක එක වැඩසටහන් කරගෙන යනවා.
මේ Event එක විශේෂයෙන්ම Developers ලා හට වැදගත් වන එකක් වුණත්, ලංකාවේ නම් මේකට තාක්ෂණය ගැන උනන්දු ගොඩක් අය යනවා. සමහර උන් යන්නේ නිකන් දෙන T-Shirt එකයි, කෑම ටිකයි කාලා fun එකක් ගන්න.
කොහොම වුණත් මේකට Register වෙන හැමොවම event එකට තෝරගන්නේ නෑ. පහුගිය අවුරුදු වල නම් විශේෂ algorithm එකකට අනුව තමයි මේ අය select කරගත්තේ. ඒ වුණත් මේ event එක වැදගත් වෙන අය වගේම, ජොලියට යන අයත් ගොඩක් අපිට මේකෙදි දකින්න ලැබුණා.
සමහර වෙලාවට මේක වැදගත්ම වෙන අයට invitation නොලැබීම නිසාවෙන් ඒ අයට පවා යන්න ලැබෙන්නේ නැහැ. ඉතින් ඔයත් මේක ඔයාට වැදගත් වෙනවා කියලා හිතෙනවා නම් වගේම, අනිවාරෙන්ම යනවා නම් විතරක් register වෙන්න බලන්න. මොකද ඔයා යන්නේ නැති වුණොත්, මේක වැගත් වෙන තව කෙනෙකුට යන්න තියන chance එක ඒකෙන් නැති වෙනවා.
කොහොම වුණත් Mobitel එකෙන් තියන event එකේ registration නම් මේ වෙනකොට නවත්තලා තියෙන්නේ. ඒත් තාමත් Dialog event එකේ registration open. ඉතින් මේ ගැන උනන්දුවක් දක්වනවා නම්, මේකට සහභාගී වෙන්න කැමති නම්, වැඩි විස්තර මේ ලිපියෙන් දැනගන්න පුළුවන්.