ඔන්න දැන් ආයෙත් වතාවක් අපිට VPN එකක් අවශ්යයතාවය තදින්ම දැනෙන්න පටන් අරගෙන තියෙනවා. දැන් හැමෝම Google එකටයි, Play Store එකටයි ගිහින් හෝ ගාලා VPN හොයනවා ඇති.
වැඩි විස්තර ඕන නෑ කෙලින්ම ආපු වැඩේට බහිමු. ඔයා use කරන operating system එකට අදාල විදිහට පහළ තියන Steps ටික follow කරලා VPN එක දාගන්න. ප්‍රශ්න තියනවා නම් පහලින් comment කරන්න.
පහලින් තියන ක්‍රම හැම එකක්ම වගේ Techie
Windows පරිගණක සඳහා
මුලින්ම මේ Link එක හරහා ගිහින් VPN Gate වෙබ් අඩවියෙන් SoftEther VPN Client එකයි, VPN Gate Client Plugin එකයි තියෙන Bundle එක Download කරගන්න
Download කරගත්ත file එක extract කරගෙන vpngate-client-v4.29-9680-rtm-2019.02.28.exe
කියන file එක double click කර install කරගන්න.
ඊළඟට SoftEther VPN Client Manager මෘදුකාංගය විවෘත කරගගෙන (Run as Administrator කිරීමෙන් ඇති විය හැකි ගැටළු අවම කරගත හැක) VPN Gate Public VPN Relay Servers කියන option එක මත double click කරන්න.
ඊළඟට ලැබෙන Screen එක තුළ දැනට available තත්ත්වයේ පවතින් සියළුම VPN Servers පෙන්වනු ලබන එයින් ඕනෑම එකක් select කර Connect to the VPN Server button එක press කිරීම මගින් VPN එකට connect විය හැක.
Android ජංගම දුරකථන සඳහා
මුලින්ම Google Play Store හරහා Orbot: Proxy with Tor app එක download කරගන්න
මේ App එක Install කරගැනීමෙන් පසුව, පහත Image එකේ පෙන්වා ඇති ආකාරයට VPN එක activate විය යුතු Apps select කර VPN Mode එක on කිරීමෙන් පසුව සාමාන්‍යය ලෙස අන්තර්ජාලය භාවිතා කළ හැක.
මීට අමතරව Solo VPN app එක හා Hide My IP app එක ද භාවිතා කිරීමේ හැකියාව පවතිනවා.
Samsung ජංගම දුරකථන භාවිතා කරන පිරිසට Samsung Max app එක භාවිතා කිරීමේ හැකියාව ද පවතිනවා.
iPhone ජංගම දුරකථන සඳහා
- App Store එක හරහා VPNProxyMaster app එක download කරගන්න
- එම app එක open කිරීමෙන් පසුව පහත steps අනුගමනය කිරීමෙන් VPN පහසුකම භාවිතා කළ හැක.
මෙම ලිපිය සකස් කිරීමට උදව් කළ @argon සහ Nishan සොයුරන් හට ස්තූතියි. 🙂