TPM කියන්නෙ මොකක්ද?
TPM,අපි කවුරුත් දන්නා පරිදි "Trusted Platform Module"වින්ඩෝස් භාවිතා කරන්නන්ට Windows 11 Run කරන්න වගේ ම Install කරන්නත්, අවම Hardware requrement පරීක්ෂා කිරීමට උපකාරී වන Tool එකක්.Windows 10 සඳහා TPM අත්‍යවශ්‍ය මෙවලමක් නෙවෙයි වුනත් Windows 11 සඳහා TPM 2.0 කියන්නෙ අත්‍යාවශ්‍ය අoගයක්..
ගොඩක් කට්ටියට මේක ගැන තියෙන්නෙ පැහැදිලි අදහසක් නෙවෙයි නිසා අද බලමු මොකක්ද කියලා මේ TPM.
TPM හි වැදගත්කම.
ඒක Hardware requrements check කරනවාට අමතරව ,ඕනම sensitive හෝ වැදගත් Data සදහා ඔයාගෙ ලැප් එකෙ,PC එකේ Hardware පදනම් කරගත් security එකක් සපයන Processor එකක් වගේ එකක් කිවුවොත් නිවැරදියි. උදාහරණයක් ලෙස Windows වල, TPM Chip එක encryption keys, credentials සහ තව resource key data Store කරලා තියාගන්න උදවු කරනවා.
Windows 10/11 වල TPM Version එක Check කරන්නෙ කොහොමද?
(ලේසිම විදිහ)-Windows Run open කරගන්න.
tpm.msc කියලා ටයිප් කරන්න.
දැන් 99%ක් ම කට්ටියට තමන්ගේ TPM Version එක එතන display වෙයි.
ඔයාට මේ වගේ messege එකක් ආවොත්: Compatible TPM cannot be found, it is because there is no TPM on your PC or you had turned it off through BIOS/UEFI.
TPM Manufacturer Information වලට ගිහින් Specification TPM version කියන එක පොඩ්ඩක් බලන්න.(Search bar එකෙ TPM කියලා ගහපු ගමන් එනවා)
ඒකත් හරිගියේ නැත්තම්.
Device Manager වලට යන්න.
Security devices කියන පොඩි වචනය හොයාගෙන ඒක උඩ ටච් කරලා Expand කරගන්න
එතන නම් TPM Version එක තියෙන්න ම ඕනෙ(උඩ කියපු තැන් වල නැත්තම්).
ඒ ක්‍රමෙත් සෙට් නැ වගෙ නම්.
CMD(Command Prompt)එකට යන්න,මතක ඇතුව Run as administrator දෙන්න
මෙන්න මේක මේ විදිහටම ටයිප් කරලා එන්ටර් ප්‍රෙස් කරන්න: wmic /namespace:\root\cimv2\security\microsofttpm path win32_tpm get * /format:textvaluelist.xsl