මම දන්න විදිහට හේතු කීපයක් තියනවා.
- එකක් තමයි TCP (Transmission Control Protocol) encapsulation එක
- තවත් එකක් තමයි TTL (time to live).
- Location එකින් එකට මාරු වෙන්න වෙන එක.
- අනිත් එක Bandwidth limitation එක.
- එතකොට තවත් එකක් තියනව IPsec (Internet Protocol Security) කියල.
අපි බලමු මේ TCP/TTL කතාව ගැන
VPN එකකදි TCP භාවිතා කරනව එහෙම TCP භාවිතා කරල ඔයා ලෝකෙ කොහෙට හරි සම්බන්ධ වෙනවා පුද්ගලික ජාලයක් හදා ගන්න (VPN) එහෙම වෙලාවක විශේෂයෙන්ම ඔයාට WhatsApp වලින් Viber වලින් කථා කරන්න ඕනි කෙනත් මේ වගේ VPN එකක් භාවිතා කරනවා කියන්නේ ඔයාල දෙන්නගෙ TTL එක වැඩි වෙනවා (TTL = සජීව වීමේ කාළය) එතකොට P2P සබඳතාවය ටිකක් ප්රමාදයි එහෙම වෙලාවට මේ Device දෙකට සෘජු සබඳතාවයක් පවත්වා ගන්න අමාරු නිසා Connecting කියන Status එකට එනවා හේතුව තමයි ඔයා අමතන කෙනා Answer කලත් සජීව කාලය වැඩියි ඒ නිසා ඒ කාලය VoIP සේවාවට ප්රමාණවත් අයුරින් ලැබෙන තෙක් Connecting ම තමයි ඉතින්.
එතකොට Location එක?
ඔයා Call එක ගන්න අවස්ථාවේදී ඔයා ඉන්න තැන ඉදන් වෙන තැනක් හරහා තමයි ඔයා Data Communicate කරන්නේ
ඔයා-->>VPN Server-->> Internet
එයා (VoIP end point)-->> VPN Server -->> Internet
දැන් බැලූ බැල්මට පවා දුරයි නේද ඒ විතරක් නෙමෙයි VPN වල Bandwidth එකත් අඩුයි IPsec ඒ කියන්නේ ඔයාගෙ IP එක හංගගෙන ඉදන් ඔයාව Online තියන VPN සේවාත් තියනවා එහෙම උනාම සෘජු සජීව සබඳතාවයක් පවත්වාගන්න අමාරුයි.
ළඟ ඉන්න යාළුවෙක්ට VPN දාගෙන Message එකක් යවලත් බලන්න Delay (ප්රමාදය) එක දැනෙන මට්ටමක තියනවා.
VoIP වලදි TTL, Location (තැනින් තැනට පැනීම), IPsec වගේම Bandwith සීමාවත් මේ Connecting කියන තත්වයේම ඔයාව තියාගන්න හේතු වෙනවා.
මේ පිළිතුරේ වැරදි අඩුපාඩු පෙන්නන්න,
ඔයත් දන්න දේ කියල දෙන්න කියල අනිත් සාමාජිකයන්ටත් ආරාධනා කරනවා.