පහුගිය දවස් වල ගොඩ දෙනෙක් VPN use කළා වගේම ගොඩ දෙනෙකුට තිබුණ ලොකුම ප්රශ්නය තමයි Free VPN එකක් use කරන එකේ අවාසි මොනවද කියන එක.

ගොඩක් වෙලාවට Free VPN එකක් use කරද්දී, එහෙමත් නැතිනම් Paid VPN එකක් විකුණද්දී කියන ලොකුම දේ තමයි "Free VPN එකක් use කරනකොට ඔයාගේ දත්ත එයාලා එකතු කරනවා" කියන එක.
මේක ඇත්ත ද? මොනවද මේ එකතු කරන දත්ත? කොහොමද මේක අපිට බළපාන්නේ? ඒ දත්ත වලින් මොනවද එයාලා කරන්නේ? අපි බලමු මේ ප්‍රශ්න වලට උත්තර මොනවද කියන එක ගැන.
ගොඩක් වෙලාවට මේ වගේ Free VPN වල Privacy policy එකේ කියලා තියෙනවා එයාලා ඔයා ගැන තොරතුරු එකතු කරනවද නැද්ද කියන එක ගැන. උදාහරණයක් විදිහට අපි කවුරුත් දන්න, මිලියන 500ක් විතර පිරිසක් භාවිතා කරන HotspotShild කියන VPN එකේ Privacy Policy එක ගත්තොත්,
We may share your general (city level) location. Additionally, advertisers may be able to collect certain information independently from you or your device when serving ads from the Hotspot Shield application, including your device’s advertising ID, IMEI, MAC address, and wireless carrier. Read More
ඔයාගේ ඉන්න Location එක (ඉන්න හරිම තැන නෙවෙයි, නගරය), ඔයාගේ Device එකේ IMEI එක, MAC Address එක වගේම ඔයාගේ Service Provider ගේ නම් (Dialog, Mobitel, Hutch, etc.) කියන දේවල් මෙයාලා එකතු කරගන්නවා. ඒ වගේම මේ දත්ත වෙන Advertising companies එකක් share කරගන්නත් මෙයාලා කටයුතු කරනවා.
ඉතින් මේ වගේ Free දෙන හැම VPN service එකකම වගේ මේ තොරතුරු වලට අමතරව ඔයා යන websites, ඒ websites වල ගත කරන කාලය වගේ දේවලුත් එකතු කරගන්නවා. කොහොම වුණත් මේ data වල ඔයාගේ නම, Address එක හෝ Password වගේ දේවල් ඇතුලත් වෙන්නේ නෑ. ඔයා කවුද කියන එක අඳුරගන්න එයාලා ඔයාට ID එකක් assign කරනවා.

ඉතින් ඔය විදිහට එකතු කරගන්න දත්ත Advertising companies වලට විකුණලා තමයි මෙයාලා සල්ලි හොයන්නේ. ඊට අමතරව සමහර VPN වලදි, ඔයා යන website වල තියෙන Ads ඉවත් කරලා, ඒ වෙනුවට එයාලගේ Ads ඒ තැන් වලට දාලා සල්ලි හම්බ කරනවා. එහෙමත් නැත්තම් App එක හරහා Ads පෙන්නලා සල්ලි හොයනවා.
නිකමට වගේ හිතන්න උඩ කියලා තියෙන තොරතුරු එකතු කරලා ඔයාට අනතුරක් කරන්න පුළුවන් ද කියන එක ගැන? මේ එකතු කරන තොරතුරු වලට වඩා ඔයා ගැන ගොඩක් දේවල් Google එකෙන්, Facebook එකෙන් දැනටමත් දන්නවා.
මේ දත්ත භාවිතා කරලා Advertising companies වලින්, අපි වැඩියෙන්ම කැමති දේවල් ගැන Ads අපිට පෙන්නනවා. ඉතින් අපි Website එකකට ගියාම අපි කැමති නැති Ads බලනවට වඩා, අපි කැමති දේවල් ගැන Ads පෙන්නනවා නම් ඒක කොයි තරම් දෙයක් ද? සමහර වෙලාවට ඒක අපි හොය හොය ඉඳපු දෙයක් ගැන වෙන්නත් පුළුවන්.
ඒත් හිතන්න ඔයා මාධ්‍යවේදියෙක් කියලා, රජයට විරුද්ධ තොරතුරු ටිකක් ඔයාට ඔයාගේ head office එකට යවන්න ඕන. එහෙමත් නැත්තම් ඔයාගේ Website එකේ දාන්න ඕන. මෙන්න මේ වගේ වෙලාවට, ඔය තියන තොරතුරු ටික හරහා ඔයාව හොයාගන්න භාවිතා කරන්න රජයට හැකියාව ලැබෙනවා. මොකද මේ ගොඩක් ආයතන නීතිමය කටයුත්තක් සඳහා දත්ත ඉල්ලුවොත්, දෙන්න බැඳිලා ඉන්නවා.

ඒ වගේම ඔයා ළඟ තියෙන දත්ත වටේ පිටේ ඉන්න හැකර්වරුන්ගෙන් බේරගෙන අදාල තැනට යවන්නත් VPN එකක් භාවිතා කරන එක ඉතාමත් හොඳ දෙයක් වෙනවා.
මෙන්න මේ වගේ අවස්ථා වලදි විශ්වාසදායක VPN සේවාවක් හරි තමන්ගේම VPN Server එකක් හරි භාවිතා කරන්න අපි පරිස්සම් වෙන්න ඕන.
Facebook, WhatsApp වගේ දේවල් use කරන්න Paid VPN එකක් ගන්න එක එක විදිහකට අනවශ්‍යය වියදමක්. හැබැයි ඒක මෝඩ වැඩක්ම නෙවෙයි. මොකද එහෙම කෙනෙකුට කලින් කියපු දේවල් වත් leak කරගන්නේ නැතිව නිදහසේ තමන් කැමති සේවාව භාවිතා කරන්න පුළුවන්.
ඒ වගේම මතක තියාගන්න ඕන දෙයක් තමයි, VPN එකක් නැතිවම Internet use කරනවට වඩා, Free VPN එකක් හරි භාවිතා කරන එක හැකර්වරුන්ගෙන් එහෙම බේරෙන්න, Night data වලින් කරන දේවල් Dialog staff එකේ අය දකියි කියන ලැජ්ජාවෙන් ගැලවෙන්න වගේ දේවල් වලට ගොඩක් වැදගත් වෙනවා.
අවසාන වශයෙන් තේරුම් ගන්න ඕන දේ තමයි, Paid VPN එකක් විකුණන සමාගමක Product එක වෙන්නේ අදාල Paid VPN සේවාව. ඒ වුණත් Free VPN සේවාවක් ලබාදෙන සමාගමේ Product එක වෙන්නේ අදාල VPN සේවාව නෙවෙයි, ඒක භාවිතා කරන අය. ඒක භාවිතා කරන අයගේ තොරතුරු විකුණලා තමයි එයාලා සල්ලි හොයන්නේ.
ඒ වගේම Free VPN එකක් use කරනවා නම්, අනිවාර්යයෙන්ම එයාලාගේ Privacy Policy එක කියවලා එයාලා එකතු කරන දත්ත මොනවද කියන එක ගැන අවබෝධයක් ගන්නත් අමතක කරන්න එපා.
මේ කියලා තියෙන්නේ Free VPN ගැන මට හිතෙන දේවල්. මේ ගැන ඔයාට හිතෙන දේවල් ගැන වගේම ඔයා දන්න දේවල් පහලින් Comment එකක් දාන්නත් අමතක කරන්න එපා.