මේ දවස් වල Facebook එකේ යන post එකක් දැකලා ගොඩ දෙනෙක් මගෙන් අහපු ප්‍රශ්නයක් තමයි "Phone එකේ Airplane mode එක on කරලා Data කැපෙන්නෙ නැතුව internet යන්න පුළුවන් මොකක්හරි ක්‍රමයක් තියෙනවද?" කියන එක.

මේක ඇත්ත ද?
නෑ. ඔයා බළාපොරොත්තු වෙන්නේ Data/සල්ලි කැපෙන්නේ නැතුව internet යන්න නම්, මේ ක්‍රමයෙන් ඒක කරගන්න බෑ.
මොකක්ද මේකෙදි ඇත්තටම වෙන්නේ?
පරණ mobile phone වල antenna එකක් තියෙනවා ගොඩ දෙනෙක් දැකලා ඇති. ඒත් දැන් තියෙන phone වල එහෙම antenna එකක් පේන්න නෑ. මේ antenna module එක use කරලා තමයි Cellular network එකක කණුවකින් ලැබෙන signal එකක් phone එකෙන් receive කරගන්නේ. Cellular Radio කියලා කියන්නේ මෙන්න මේ module එකටයි.
අපි Airplane mode දැම්මම, OS එකෙන් කරන්නේ, Bluetooth, Wifi, Cellular Radio වගේ connectivity වලට සම්බන්ධ හැම module එකක්ම off කරන එකයි.
Airplane mode දාලා Wifi on කලොත්, Airplane mode එක off නොවී Wifi විතරක් on වෙනවා දැකලා ඇති. අන්න ඒ වගේ Cellular network එක on කරන්න අපිට වෙන් වුණ option එකක් අපේ OS වල පේන්න නෑ.
නමුත් ඔය කියන code එක (##4636##) Android වල ගහපුවාම එන screen එකේ තියෙන්නේ මේ network වලට අදාල එක එක options ටිකක්. එතන තියෙන Turn Off/On Radio කියන option එකෙන් කරන්නේ Calls/Data වැඩ කරන, එහෙමත් නැතිනම් අපේ phone එකේ Mobile Signal receive කරන module එක disable හෝ enable කරන එකයි.
ඉතින් අපි මේ module එක On කරා කියන්නේ සාමාන්‍යය විදිහටම network connectivity එක activate වෙලා, සාමාන්‍යය විදිහට calls/data වැඩ කරන්න ගන්න එකයි. ඒ වගේම data/සල්ලි කැපෙන එක වෙනදා වගේම සාමාන්‍යය විදිහට වෙන්න පටන් ගන්නවා.
නමුත් අපිට පේන්නේ Airplane mode එක තාමත් on එකේ තියෙන්නේ කියලයි. මොකද ඒ option එක දන්නේ නෑ වෙන වෙනම අදාල module enable කරගෙන තියෙන්නේ කියන කාරණය.
මේක හරියට තමන්ම ඇඳිරි නීතිය දාලා, හොරෙන් කඩේ ගිහින්, මුදලාලිට සල්ලි දීලා බඩු අරගෙන එනවා වගේ වැඩක්.
මං කියලා තියෙන කාරණා වල මොනාහරි වැරැද්දක් තියනවා නම් අනිවාරෙන්ම පහලින් comment එකක් දාලා කියන්න.