Nimendra ඩොලර් එකේ මිළ රුපියල් වලට සාපේක්ෂව ඉහළ යනවා දකිනවා ඇතිනේ... ඒ වගේම (කළාතුරකින්) සමහර වෙලාවට මිළ පහළටත් එනවා. හිතන්න කවුරුහරි කෙනෙක් ඩොලර් 1ක් රුපියල් 170 වෙන වෙලාවේ මිලදීගත්තා කියලා. ඊට පස්සේ ඒක එයා සතියක් තියාගෙන ඉන්නවා. එතකොට ඩොලර් එකේ මිළ රුපියල් 180ට ඉහළ යනවා. ඔන්න දැන් එයා අර ඩොලර් එක විකුණනවා. එතකොට එයාට රුපියල් 10ක ලාභයක් ලැබෙනවා. ඔන්න ඔය සීන් එකට සමාන දෙයක් තමයි Forex trading කියන්නේ. හැබැයි සති ගණන් ඉන්නේ නෑ. ගොඩක් ඉක්මණට ගන්නයි විකුණන්නයි වෙනවා ලාභයක් ගන්න.
Binary option trading කියන්නේ ඔට්ටු දානවා වගේ සීන් එකක්. උදාහරණයක් විදිහට අපි කියනවා අද රෑ 12 වෙනකොට ඩොලර් එකක මිළ රුපියල් 180ට වඩා වැඩි වෙනවා කියලා රුපියල් 1,000ක ඔට්ටුවක් අල්ලනවා. අපි ඔට්ටුව අල්ලන ගානෙන් 85%ක මුදලක් අපි දිනුවොත් ලැබෙනවා. ඒ කියන්නේ දිනුවොත් 1,850ක් ලැබෙනවා. පැරදුනොත් මොකුත් නෑ. Binary කියන්නේ 1 සහ 0 වගේ, දිනුවොත් ලැබෙනවා, නැත්තම් මොකුත් නෑ කියන සංකල්පය තමයි එතන තියෙන්නේ.
IQ Option කියන්නේ උඩ කියපු දේවල් ටික කරන්න හදලා තියෙන platform එකක්. ඒකට ගිහින් Forex, Binary option trading වගේ දේවල් කරන්න පුළුවන්. ඕන නම් practice වෙන්නත් පුලුවන්. Practice වෙලා ඉවර වුණාම ඇත්ත සල්ලි දාලා වැඩේ කරගෙන යන්න පුළුවන්.