Phone එක use කරනකොට අපි හැමෝටම තියන ප්‍රශ්න වලින් එකක් තමයි, නිකන් දෙන හැම app එකේම Ads පිරිලා තියන එක. ගොඩක් අය කරන්න දෙයක් නැති කමට ඒකට පුරුදු වෙලා හිටියත් මට නම් Ads පේන්න බෑ.
ඉතින් මම PC එකේදී use කරන හැම web browser එකටම Adblock Plus Extension එක දාගෙන ඉන්නවා වගේම මගේ Phone එකේ host file එක patch කරගෙන තමයි ඉන්නේ.
මේක මහා ලොකු දෙයක් නොවුනත් ගොඩ දෙනෙක් මේ ගැන තවමත් දන්නේ නැහැ. ඒ දන්නේ නැති අයට තමයි මේ Tutorial එක.
Important:
මේක කරන්න නම් ඔයාගේ Phone එක අනිවාරෙන්ම Root කරලා තියෙන්න ඕන. Root කරන හැටි Phone එකේ model number එකත් එක්ක Google කලා නම් ලේසියෙන්ම හොයාගන්න පුලුවන්. හොයාගන්න බැරි නම් පහලින් reply එකක් දාන්න මම help එකක් දෙන්නම්.
ඒ වගේම Android 5, ඒ කියන්නේ Lollipop වල පළවෙනි version එකට මේක වැඩ කරන්නේ නෑ. (5.1 වලට වැඩ). මීට අමතරව ඔයාගේ device එකේ 1GB වගේ RAM එකක් සහ 1.2GHz වගේ CPU එකක් තිබෙනවා නම් මේ දේ කරන්න හැකියාව ඔයාට තියෙනවා.
අපි මේ කරන්න හදන්නේ Android වල system එකේ තියෙන file වලින් එකක් මකලා ඒ වෙනුවට වෙනත් file එකක් එතනට replace කරන්නයි. ඒක නිසා මුලින්ම ඒකට අවශ්‍යය වෙන file එක මේ Link එක හරහා download කරගන්න අවශ්‍යය වෙනවා.
ඊළඟට, අපිට මේකට Root partition එක පෙන්නන File Manager එකක් ඕන වෙනවා. ඒකට Xplore හරි ES File Explorer වගේ file manager එකක් download කරගතයුතු වෙනවා.
ඔයාගේ Android phone එකේ Root partition එකේ තියෙන /system/etc
කියන folder එකට ගිහින්, එතන තියන host
කියන file එක host_ex
වගේ නමකට rename කරගන්න. (අපිට පස්සේ මේ modification එක ඕන නෑ කියලා හිතුනොත් මේ file එක ආයෙන් වුවමනා වෙනවා)
[upl-image-preview url=https://community.technews.lk/assets/files/2019-04-18/1555591135-621771-android-etc-directory-tech-news-lk-community.jpeg]
ඊට පස්සේ අපි මුලින් download කරගත්ත host file එක copy කරගෙන, මේ /system/etc
කියන folder එකට paste කරන්න ඕන.
දැන් Phone එක restart කරලා ගන්න. ඕනම app එකකට ගිහින් බලන්න එක Ad එකක් වත් එන්නේ නෑ.
මේකෙදි සරළව සිද්ධ වෙන්නේ, Ads පෙන්වන servers වලට අදාල IP Address ටික ඔක්කොම මේ file එක හරහා block කරන එකයි. ඉතින් එතකොට Ad එකක් එවන්න කියලා යනව request එක අදාල server එකට යන්නේ නෑ. එතකොට Ads පෙන්නන්නේ නැතිව යනවා.
මොනවාහරි ප්‍රශ්නයක් තියනවා නම් පහලින් comment එකක් දාලා අහන්න.