මැයි 07 වැනි දින Dialog සමාගම විසින් පැවැත්වීමට නියමිතව තිබූ Google I/O Extended 2019 event එකට ලියාපදිංචි වීමේ හැකියාව පසුගිය අප්‍රේල් 19 වන දින ලබා දුන් බව අපි ඔබව දැනුවත් කළා මතක ඇති.
මේ වන විට රට තුළ ඇති වී තිබෙන වාතාවරණයත් සමග මේ වන විට Dialog ආයතනය විසින් නිළ වශයෙන් නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් විසින් පැවැත්වීමට නියමිතව තිබූ Google I/O Extended 2019 event එක මෙම වසරේ නොපැවැත්වීමටත් මෙය Dialog TV සේවාවේ තිබෙන Dialog Now channel එක, MyTV app එක සහ ThePapare.com වෙබ් අඩවිය හරහා මෙම වැඩසටහන Live-stream කිරීමට කටයුතු කරනු ලබන බව ඔවුන් වැඩිදුරටත් දන්වා සිටියා.
එයත් සමගම මෙම event එකට පැමිණෙන සියලු දෙනාටම ත්‍යගයක් වශයෙන් ලබාදීමට සූදානම් කළ Google I/O 2019 T-Shirt සියල්ලම ලබා නොදීමට තීරණය වූ නිසාත් Dialog ආයතනයෙන් මෙම event එකට Register වුණු තෝරාගත් පිරිසකට Google I/O Special Gift Pack නමින් තෑගි පාර්සලයක් ගෙදරටම ලබා දීමට කටයුතු කර ඇත.