ushanmithma අපි frontend development කරද්දී ගොඩක් වෙලාවට backend එකෙන් ගේන data හරියට පෙන්නන්න විදිහක් ඕනනේ.
ඉතින් අවුරුදු ගානක් යනකම් ඕකට use කලේ JavaScript සහ jQuery කියන දෙක. නමුත් මේ වැඩේ ලේසියෙන්ම, resources අඩුවෙන් භාවිතා කරලා කරගන්න එක එක framework හදලා තියෙනවා. ඒවා තමයි ඔය AngularJS, ReactJS, KnockoutJS වගේ එක එක නම් වලින් තියෙන්නේ.
ගොඩක් වෙලාවට website වලට වඩා web application වලට තමයි මේවා use කරන්නේ. දැනට ලංකාවේ තියෙන trend එක AngularJS වලටයි, ReactJS වලටයි තමයි වැඩි.
NodeJS කියන්නේ server side language එකක්. එකෙන් ඉතින් ලේසියෙන්ම backend එකක් හදාගන්න පුළුවන්.
ඒ වුණාට අපිට කරන්න ඕන වැඩේ හැටියට ඊට වඩා ගොඩක් ලේසි framework එහෙම හොයාගන්න පුළුවන් Google කලොත්.