77Dulanjaya
මම කලින් හිතාගෙන හිටියේ Deep Web කියන්නෙයි Dark Web කියන්නෙයි දෙකම එකක් කියලා. ඒත් ටිකක් හොයලා බැලුවම ඒ දෙක දෙකක්.
Deep Web කියන්නේ ඔය search engine වලින් index වෙලා නැති, ඒ කියන්නේ search engine එකකින් හොයලා හොයාගන්න බැරි වෙන web pages. ඒවට යන්න නම් ඒවගේ URL දැනගෙන ඉන්න ඕන. මේකට ඔය password protected systems, intranets වගේ search engine වලට අහු වෙන්නෙ නැති හැක එක්කම වගේ අදාල වෙනවා.
Dark Web කියන්නේ ඊටත් පහළ layer එක. එතන තමයි black market එක තියෙන්නේ. ආයුධ, drugs, Password හැක් කරපු database dump, child porn වගේ හැම නීති විරෝධී රෙද්දක්ම තියෙන්නේ මේ කියන layer එකේ. ඒකත් අර වගේම සාමාන්‍යය search engine වලට අහු වෙන්නේ නැති විදිහටයි තියෙන්නේ. හරි විදිහට බැලුවොත්, Dark Web කියන්නේ Deep Web වලම කොටසක්.