මේ කියන්න යන්නේ අපිට එදිනෙදා වුවමනා වෙන ඒ වගේම ගොඩ දෙනෙකුට මේ වෙනකොට තිබෙන ප්රශ්න වලින් එකකට උත්තරයක්.
ගොඩක් වෙලාවට YouTube එකෙන් Video එකක් download කරගන්න වුවමනා වුනාම අපි කරන්නේ මොකක් හරි Software එකක් හරි App එකක් හරි install කරලා, ඒ හරහා video එක download කරගන්න එකයි.
ඒත් මේ ක්රමය හරහා කිසිම Software එකක් හෝ App එකක් නැතිව අදාල video එක download කරගැනීමේ හැකියාව ලැබෙනවා.
කොහොමද මේක කරන්නේ?
මුලින්ම ඔයා කැමති Web Browser එකකින් ඔයාට download කරගන්න ඕන Video එක තියන page එකට යන්න.
[upl-image-preview url=https://community.technews.lk/assets/files/2019-04-15/1555341771-173277-youtube-video-tech-news-lk-community.jpeg]
ඊළඟට Address bar එකේ තිබෙන URL එකෙන් https://www. කියන කොටස වෙනුවට ss කියන අකුරු දෙක ඇතුලත් කර enter key එක press කරන්න.
[upl-image-preview url=https://community.technews.lk/assets/files/2019-04-15/1555341954-978310-youtube-video-download-tech-news-lk-community.jpeg]
(මතක ඇතුව මැද තිබෙන ඩොට් එකත් අයින් කරන්න)
[upl-image-preview url=https://community.technews.lk/assets/files/2019-04-15/1555342040-456748-youtube-video-address-bar-tech-news-lk-community.jpeg]
ඊළඟට එන page එකේ, කොළ පාටින් තිබෙන Download button එක මත click කිරීම මගින්, ඔයාගේ video එක Download කරගන්න පුළුවන්.
[upl-image-preview url=https://community.technews.lk/assets/files/2019-04-15/1555342248-251116-youtube-video-download-without-softwares-tech-news-lk-community.jpeg]
මේ වගේ තවත් ක්රම ගැන ඔයාලත් දන්නවා ඇති. ඒ ගැනත් පහලින් Comment එකක් දාගෙන යන්න අමතක කරන්න එපා.