Asindu එකපාරක් ඔය Windows එක්ක Windows Media player එහෙම දෙන නිසා අනිත් media application හදන අයට business නැති වෙනවා කියලා නඩුවක් ගියා.
අන්තිමට Microsoft එකෙන් මිලියන 500 විතර යුරෝපා සංගමයට දඩේකුත් ගෙවලා, අර කියපු multimedia features නැති version එකක් release කලා යුරෝපා රටවල් වලට විතරක්.
අන්න ඒක තමයි ඔය N කියන්නේ. ඕකේ Windows Media Player, Groove Music, Movies & TV, Voice Recorder, Skype කියන software ටික නෑ. අනිත් හැම දෙයක්ම සමානයි.
ඒත් media player එක මත depend වෙන සමහර features වැඩ කරන්නේ නැතුව යනවා කියලා කියනවා.
ඔයාට ඒ ටික ගන්න ඕන නම්, මේ link එකෙන් ගිහින් අදාල feature pack එක download කරගන්න පුලුවන්.