Nimendra අපි Internet එකේ හැම තැනම ගිහින් දකින දකින හැම site එකකම register වෙනවනේ. ඉතිං ඔහොම කාලයක් යනකොට අපි ඔය ගිය site හැක් වෙලා, අපේ email address, password, mobile number වගේ ඒවා dark web එකේ වගේම hacker forum වල share වෙනවා.
ඒ කියන්නේ අපේ Emaill address එකයි Password එකයි අනිත් අයට බලාගන්න පුළුවන් විදිහට plain text වලින්ම දාලා තියෙනවා.
අන්න ඒ වගේ leak වෙන data එකතු කරලා, haveibeenpwned කියන අය ලොකු database එකක් හදලා තියෙනවා. ඉතිං internet එකේ කොහෙ හරි ඔයාගේ email address එකත් එක්ක ඔයාගේ data leak වෙලා තියෙනව නං, ඒ මොන site එකේද, කවද්ද, මොන data ද ඇත්තටම leak වුණේ කියන තොරතුරු මොයාල ළඟ තියෙනවා.
ඔයා ගිහින් HaveIBeenPwned එකේ ඔයාගේ email address එක ගැහුවම, ඒ email address එක leak වෙලා තියෙන තැන් ගැන තොරතුරු ටික එයාලගේ database එකෙන් අරගෙන පෙන්නනවා.
මේක use කරන හැටි ගැන මම වෙන ලිපියක කොටසක් විදිහට කියලා තියෙනවා, කැමති නම් ඒකත් බලන්න. https://technews.lk/adguard-resets-all-user-passwords-after-account-hacks/
ප්රශ්න තියෙනව නං පහලින් අහන්න. 😀
ඔයාට email එකක් ආව නං, ඒකේ තියෙන website එකට use කරපු password එක ඉක්මණටම ගිහින් මාරු කරගන්න. ගොඩක් වෙලාවට ඒක hack වෙලා ඇති. සමහර වෙලාවට password එක hash කරල තියෙද්දි leak වෙන්නෙ. එහෙම වුනොත් එච්චර අවුලක් නෑ...