ushanmithma
මම නීතිය (Law) පැත්තෙන් කියන්න දන්නෙ නෑ... ඒත් මේකේ general idea එක කියන්නම්.
- Terms of Condition
මේ කියන්නේ අදාල වෙබ්සයිට් එක use කරනව නං, ඒ අය දාපු නීති ටිකක් තියෙනවා. අන්න ඒ නීති වලට අනුකූලව තමයි ඔයා ඒ website එක use කරන්න ඕන. උදාහරණයක් විදිහට ඔයා technews.lk එක use කරනකොට, අපේ Terms & Conditions වලට එකඟ වෙන්න ඕන. ඕක සිහලෙන් තියෙනවා. ගිහින් කියවලා බලන්න idea එකක් එයි.
- Privacy Policy
Privacy Policy එක කියන්නේ ඔය කියන website එක හරි service එක හරි use කරනකොට, එයාලා ඔයාගේ මොන මොන විදිහේ තොරතුරු එකතු කරගන්නවද, ඒව එයාලා use කරන්නේ මොකටද? කොහොමද, store කරන්නෙ කොහොමද, ඒවැයි ආරක්ෂාව කොහොමද කියලා කියන නීතිමය ලියවිල්ලක්. ඒකත් අපේ Privacy Policy එක කියවල බලන්න. එතකොට idea එකක් එයි.
- DMCA
DMCA, එහෙමත් නැත්තං Digital Millennium Copyright Act එක කියන්නේ විශේෂයෙන්ම Digital (Software, Photos, Audio වගේ) දේවල් හොරට copy කරලා use කරන අයට, බෙදාහරින අයට දඬුවම් කරන්න ගෙනාපු නීති පද්ධතියක්. ඔය නීති නිසා තමයි Torrent නැත්තටම නැති වෙලා, Rapidshare, Mega Upload වගේ file sharing site නැත්තටම නැති වෙලා ගියේ. මොකද හැමෝම හොරකම් කරන content share කරන්නෙ ඔය media වල නිසා අර නීතියට අනුව එයාලට විරුද්ධව නඩු දැම්මා. දැන් උනත් ඔයා Software එකක් හොරට use කරනවා නං, Movies හොරට download කරනව නං ඔයාව මේ නීතිය යටතේ අල්ලගෙන ගිහින් නඩු දාන්න පුළුවන්.
අපි හදන site මේවා දාගන්නේ කොහොමද?
ඔයා හදන site එකේ තියෙන නීති වගේම ඔයා එකතු කරන data ගැන කියලා ඔයාට Terms & condition වගේම Privacy policy එකක් හදාගන්න පුළුවන්. Privacy Policy Generator කියලා Google කලා නම් ඕන තරම් website තියෙනවා, ඔයා Use කරන analytics සේවාවන් එහෙම අනුව Privacy policy එකක් generate කරලා දෙන.
Cookies වලයි මේ වගෙයි සම්බන්ධේ මොකද්ද?
Cookies කියන්නේ ඔය website වලින් ඔයාගේ Web Browser එකේ save කරලා තියෙන පොඩි file වගේකට. දැන් නිකමට හිතන්න ඔයා අපේ site එකට ඇවිත් dark mode එක enable කරනවා. ඊට පස්සේ ඔයා ඒක close කරලා දාලා යනවා.
ආයෙත් ඊළඟ දවසේ ඔයා site එකට එනකොට, ඔයාට site එකේ dark mode එක enable වෙලාමයි තියෙන්නේ. මොකද අපි ඔයාගේ browser එකේ cookie එකක ලියලා තියෙනවා, මෙන්න මෙයා අන්තිමට dark mode එක use කර කර ඉඳලා තියෙන්නේ, මෙයා ආයෙත් site එක load කලොත් dark mode එක automatically enable කරලා දෙන්න කියලා.
අන්න ඒ වගේ ඔයා ගැන අදාල site එකේ අයට මොනවහරි තොරතුරක් save කරලා තියන්න ඕන නම්, විශේෂයෙන්ම ඔයාගේ web sessions වගේ, මේ Cookies භාවිතා කරනවා. Cookies use කරන එක privacy policy එකේ කියලා තියෙන්න ඕන. මොකද site කාරයන්ට ඕන ඕන විදිහට අපේ browser එකේ data store කරන්න දෙන්න බෑනේ.
© - මේ copyright mark එක යොදාගන්නේ ඇයි
ඔය මාක් එක දාලා ඉස්සරහින් දාන company name එකෙන් කියවෙන්නේ, අදාල site එකේ හරි product එකේ හරි අයිතිය ඒ අදාල සාමාගමට තියෙන්නේ, මොනාහරි ගල් කරලා අහු වුණොත් නඩු දාලා ශොට් එක දෙනවා කියන එක පෙන්නන්න.
™ mark එක
Trademark එකක් කියන්නේ මොකක්හරි product එකක හරි brand එකක් හරි Logo එක වගේ එයාලගේ වෙළඳ ලකුණ මෙන්න මේක කියලා හඟවන්න.
® mark එක වලින් කියන්නේ මොකද්ද?
මේකත් trademark එකේම කොටසක් වගේ. registered trademark කියලා කියන්නේ. ඕකෙන් කියන්නේ අර කියපු වෙළඳ ලකුණ අපි නීත්‍යානුකූල විදිහට අදාල රටේ register කරල තියෙන්නෙ, ඔය විදිහේ එකක් උඹ එහෙම අටවගෙන අනං මනං කරලා අහු වුනොත් අල්ලං ගිහින් කූඩුවෙ දානව, කියන එක ටිකක් වැදගත් විදිහට කියන්ඩ. 😌